Sunday, 15 October 2017

Phone පාවිච්චි කලාට මදි Display එක ගැන දන්නේ නැත්තම් දැන ගන්න.

Phone පාවිච්චි කලාට මදි Display එක ගැන
 දන්නේ නැත්තම් දැන ගන්න.
________________________________________________

☺TFT කියයි Super Amoled කියයි Retina😀 කියයි තව තව දෙවල් කියයි, ඒත් කී දෙනෙක් දන්නවද මේ වන විට තමන්ගේ දුරකතනයේ භාවිතා කරන තිරය (Screen) එක ගැන. Screen එක ගැන ගොඩක් අයට හොද අවබෝදයක් නෑ, ලස්සනට රූප ටික පෙනුනොත් ඔක්කොම හරි කියල හිතන්නේ. ඒත් ජංගම දුරකතනයක තිරය එහි බැටරි ආයුකාලයට, මිලට සමහර විට වේගයට පවා බලපෑමක් එල්ල කරනව. බලමු අපි හොයල මොනාද මේ Display වර්ග සහ කොහොමද ඒව වැඩ කරන්නේ ඒවායේ තියෙන වාසි අවාසි මොනාද, හිතනව දුරකතන භාවිතා කරන අයට වගේම ඉස්සරහට ගන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියල.
________________________________________________
                             01)TFT LCD

*හරිම සුලභ Display ජාතියක්. චයිනිස් Phone වල තියෙන තරමක් තියෙන්නෙත් මේක තමා. ඇයි ඒ. මේ Display එක හදන්න යන පිරිවැය ගොඩක් අඩුයි. TFT කියන එකේ තේරුම (Thin Film Transistor). ඔයාල විද්‍යාව ඉගෙන ගත්තනම් මේ වන විටත් හොදටම දන්නව ඇති ට්‍රාන්සිස්ටරය කියන්නේ මොකක්ද කියල. ට්‍රාන්සිස්ටර් එකක් අපිට ස්විච් එකක් වගේ පාවිච්චි කරන්නත් පුලුවන්. මෙතනදි කරල තියෙන්නෙ තුනී පටලයක් ට්‍රාන්සිසිටර් එකක් භාවිතයෙන් පාලනය කරල පසුබිමෙන් (Background Light) එක පාලනය කිරීම ඔස්සේ රූප පෙන්වීම. ඇත්තටම පාලනය කරන්නේ එක තනි පික්සල් එකක්. ඔය වගේ පික්සල් ගොඩාක් තියෙනව. ඊට සමාන ට්‍රාන්සිස්ටරත් තියෙනව. මගේ දැනුමේ හැරියට හැම ට්‍රාන්සිස්ටර් එකකටම කන්ඩෙන්සර් එකකුත් තියෙනව. මේ තාක්ශනය පාවිච්චි කරල ඉහල විභේදනයක් ගන්න පුලුවන්. ඒ කියන්නේ High-resolution.

අව්ල කියන්නේ මේ Display යම් ආනතියකට හැරෙව්වම පේන්නේ නැතිව බොහෝ විට සුදු පැහැයක් දිස් වෙනව. පැත්තෙන් බැලුවට පේන්නේ නෑ කියල සමහරු නාහෙන් අඩන්නෙ අන්න ඒ නිසයි.

අනිත් කරුන තමා එක පික්සල් එකකට එක ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරනව කියන්නේ සුලුපටු නෑ. මොකද ට්‍රාන්සිස්ටර් වැඩකරන්නේ හුලගෙන් නෙමේනේ. ඕවට කරන්ට් එක යනව. ලොකු Display වල (අවම 640x960) බැටරි ආයුකාලය ගැන කියන්න තියෙන්නේ බැටරි කනව කියල. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ලොකු TFT LCD Screen තියෙන ඒව ගන්න. ඒත් පොඩි Display නම් අව්ලක් නෑ ඉතින්. ගානත් ගොඩාක් අඩුයි නේ.

තව දෙයක් එලියකට පහලකට බහිනවනම් ඉතින් හරි අමාරුවක වැටෙනව. සූර්ය ආලෝකය වැටෙන කොට පැහැදිලිව TFT Screen වල පේන්නේ නැති සීන් එකකුත් තියෙනව. ඒ නිසා පොඩ්ඩක් හිතන්න.
________________________________________________
                          (02) IPS LCD

* IPS-LCD කියන එකේ තේරුම In-Place Switching කියන එකයි. TFT වගේම මෙයත් උත්සහ කරන්නේ Background Light එක පාලනය කරන්න. ඒත් ඒ වෙනුවට පාවිච්චි කරන තාක්ශනය TFT වලට වඩා හරිම වෙනස්. මේක ගැන කතා කරනවනම් අනු මූල ද්‍රව්‍ය වලටම බැහැල  කතා කරන්න වෙනව. එච්චර දුර යන්නේ නෑ. මෙතන තියෙනව තුනී ද්‍රව ස්පටික විශේෂයක් (liquid crystals) එවායේ අනුක්‍රමනය විද්යුත් ක්ශේත්‍රයක් ඔස්සේ වෙනස් කරන්න පුලුවන් විදිහේ. සාමාන්යෙන් මේක ඇබරිලා (twisted) තමයි තියෙන්නේ. ඒත් විද්යුත් ක්ශේත්‍රයක් මගින් යම් නිශ්චිත දිශාවකට හරවන්න පුලුවන්. ඇබරී තියෙන වෙලාවට මේ හරහා ආලෝකය එන්නේ නෑ. නමුත් නිශ්චිත දිශාවකට හැරවීම මගින් ආලෝකය ඒ හරහා ගෙන්වා ගන්න පුලුවන්.
ඒක හරියට මේ වගේ. හිතන්න වීදුරු මතුපිටක් සහිත මේසයක් තියෙනව යටින් ලයිට් එකක් පත්තු කරපු. ඔයා පොත් ටිකක් ගෙනත් මුලු මේසේ පුරාම අහුරනව. දැන් අර යට තියෙන බල්බ් එකේ එලිය වීදුරු මේසය හරහා එයිද. නෑ නේද. දැන් ඔයා ඔක්කෝම පොත් ටික එකතු කරල එක මත එක උඩ තියනව. දැන් ආලෝකයට රිංගන්න ඕන තරම් ඉඩ තියෙනව.

මේ තාක්ශනය භාවිතාකරන කොට ඕනෑම පැත්තක ඉදන් බලන්න පුලුවන් අපි කියනව viewing angles එක වැඩි තිරයක් තමයි අපිට ලැබෙන්නේ. TFT වලට සාපේක්ශව ඉතා අඩු විදුලියක් තමා යන්නේ. ඒකෙන් ගොඩක්ම යන්නේ Background Light එකට. ඉතින් මේ Display ටිකක් ගනන් (Too much Expencive) . උසස් ස්මාර්ට් දුරකතන වල මේක තමයි පාවිච්චි කරන්නේ. ඔය Apple පාවිච්චි කරන්නෙම Ratina කිය කිය මේක තමා Ratina ගැන ඉස්සරහට කතා කරමු. පොඩි සීන් එකක් නිසයි IPS එක Ratina වෙලා තියෙන්නේ.
________________________________________________

                          03) OLED

OLED හි අර්තය Organic Light Emitting Diode
(කාබනික ආලෝක විමෝචක දියෝඩ). හරිම අපූරු අලුත් තාක්ශනයක්. අර කලින් කියපු දෙන්නට වඩා ගොඩාක් වෙනස්. මෙතනදි භාවිතා කරනව කාබනික තට්ටුවක් අපි ලේයරයක් කියමු. මේ ලේයරය දෙපැත්තේ තියෙනව තුනී සන්නායක තහඩු දෙකක් (ඇනෝඩය සහ කැතෝඩය) . මේ සන්නායක අග්‍ර වලට කුඩා විද්යුත් පල්ස් එකක් දුන්නම අර තහඩු දෙකට මැදි වෙච්ච කාබන් ප්‍රතිදීප්ත වී ආලෝකයක් නිකුත් කරනව. විද්යුත් පල්ස් එකේ තීවර තාවය නිකුත් කරන ආලෝකයේ වර්නය කෙරෙහි බලපානව. ඒ කියන්නේ වර්න නිර්මානය කරල දෙනව.

ඔය මම කතා කලේ එක පික්සලයක් හැසිරෙන ආකාරය විතරයි. ඔය වගේ පික්සල් දහස් ගානක් එක තිරයක තියෙනව. ඔයාලට තේරුනාද සාම්ප්‍රදායක තිර වල තිබ්බ දෙයක් මෙතනදි හලල තියෙනව කියල.
ඔව් OLED වලදි සාම්ප්‍රදායක  Backlight එකක් පාවිච්චි කරන්නේ නෑ. පාවිච්චි කරන්නේ මොකටද. පික්සල් එකකට පුලුවන් ස්ව්‍යං ප්‍රතිදීප්තිමත් වෙන්න. මේ නිසා හරි අපූරු අත්දැකීමක් ඔයාලට ගන්න පුලුවන්. ඒ තමා කලු කියන වර්නය කලු විදිහටම අපිට හදල පෙන්නන්න පුලුවන්. ඇත්තටම කලු කියන්නේ වර්නයක් නෙමේ. එතන ආලෝකය නැති තැනක්. සාම්ප්‍රදායක තිර මුහුන දීපු ලොකුම ගැටලුව තමයි සුපිරිසිදු කාල වර්නය හදා ගන්න අපොහොසත් වීම. ඇයි තිරය පිරෙන්න යටින් එලියක් ගහන කොට අදුරේ හිටියත් කලු පාට වෙනුවට  අලුපාට වෙලා පේන්නේ. OLED වලදි රූපයක් පෙන්වන්න අවශ්‍ය ප්‍රදේශයේ තියෙන පික්සල් විතරයි ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ තිරයේ අනිත් ප්‍රදේශ අක්‍රියවයි තියෙන්නේ. කලුවරේ Phone එක ON කලත් තිරයේ අගක් මුලක් හොයන්න බැරිවෙයි.

මේ නිසා අනවශ්‍ය විදුලි නාස්තිය ගොඩක් අඩු වෙනව. වේගයෙන් රූප නිර්මානය කරන්න වගේම ඉතා අනර්ග වර්න නිර්මානය කරන්නත් මේවාට පුලුවන්. හිරු එලිය තියෙන වෙලාවක උනත් අපහසුවකින් තොරව මෙවැනි තිර භාවිතා කරන්න පුලුවන්.

එකම අවුල තියෙන්නේ මේ තිර බොහෝ වේලාවක් භාවිතා කරන කොට රත් වෙන්න ගන්නව. මගේ Samsung Note එක තියෙන කාලේ එක දිගට අතේ තියාගෙන ෆිල්ම් බලන කොට අත්ලෙන් දාඩිය දාන්න පටන් ගන්නව ඇයි මේකෙ තිරයෙන් සැලකිය යුතු තාපයක් නිකුත් කරන නිසා. සමහර විට ඔයාල අත්විදල ඇති. Samsung Note වල තියෙන්නේ OLED තිරයක් නම් නෙමේ. මේ තිරේම ඊලග අදියරය. ඒ Super AMOLED කියන අවස්තාව. ඒකත් අපි කතා කරමු.
________________________________________________

                         (04)AMOLED

AMOLED කියන්නේ Active-Matrix Organic Light-Emitting Diode යන්නයි. OLED වලට අමතරව Active-Metrix කියන කෑල්ලක් එකතු වෙලා නෙද. OLED වල තවත් දියුනු අවස්තාවක් විදිහට මම කියන ගමන් සරලව හිතන්න මේකෙත් වෙන්නේ අර OLED වල සිද්ද වෙන සංසිද්දියම තමා. නමුත් AMOLED වල තියෙන ආවේනික ලක්ශනය තමයි OLED වලට වඩා වර්ණ නිර්මාණය කිරීම තාත්වික බවින් වැඩි වීම. අනික මේ Display හරිම සැහැල්ලුයි. ඊලගට මම Super AMOLED ගැන කතා කරනව. එතනදි මේ තිර ප්‍රබේදයට මොකද වෙන්නේ කියල තවත් දැනගන්න පුලුවන්.
________________________________________________

                       (05)Super AMOLED

AMOLED වල ඉතාම දියුනු අවස්තාවක්. මේක Develop කලේ Samsung සමාගම. මෙයාල මෙච්චර කල් Display එකත් එක්ක අත්වැල් බැදගෙන ආපු ස්පර්ශක සංවේදී තිරය (touch sensitive layer) ගලවල ඒකත් Display එක ඇතුලටම ඇතුලත් කලා. දැන් තිරය විසින්ම ස්පර්ශයට සංවේදීව කටයුතු කරනව. තවත් අමතර තට්ටුවක් ඕනේ නෑ. මේ නිසා කවදටත් වඩා ඉතා තුනී Screen හදන්න පුලුවන් වුනා අදවන විට නම්‍යශීලී තිර නිපදවන්න තරම් තාක්ශනය දියුනු වෙලා තියෙනව. මතකද Galaxy Edge දුරකතනයේ දෙපැත්තෙන් නැමිල තියෙනව.
මොකද එතනදි පාවිච්චි කරන්නේ මේ Display ජාතිය. ඒ වගේම Motorola සමාගම එල්ලෙන්න වැල් නැතුව ඉද්දි එලිදක්වපු ගලේ ගහලවත් කඩන්න බැරි තිරයක් සහිත (නොබිදෙන තිරයක්) සහිත Motorola Moto X Force දුරකතනය එහෙම නැත්තන් ලොව ප්‍රතම Shatterproof දුරකතනය හැදුනේ මේ අපූරු තාක්ශනයට පිංසිදු වෙන්න. කොහොම නමුත් මම නම් නිර්දේශ කරනව හොදම Display ජාතියක් කියල. සාපේක්ශව මිලෙන් වැඩියි. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න.
_______________________

1 comment:

  1. mobile touch එකේ සහා mobile display එක අතර වෙනස මොකද්ද

    ReplyDelete

ප්‍රධාන මෙනුව විවෘත කරන්න රසායන විද්‍යාව සොයන්න සංස්කරණය මෙම පිටුව මුර කරන්න වෙන භාෂාවකින් කියවන්න ඉලෙක්ට්‍රෝනය