Android sinhala

Sunday, 15 October 2017

ප්‍රධාන මෙනුව විවෘත කරන්න

රසායන විද්‍යාව

  • සංස්කරණය
  • වෙන භාෂාවකින් කියවන්න

ඉලෙක්ට්‍රෝනය


ඉලෙක්ට්‍රෝනය ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. ඊට දන්නා සංඝටක හෝ ව්‍යුහයක් නොමැති බැවින් මූලික අංශුවක් ලෙස සැලකේ.[1]ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් ආසන්න ලෙස 1/1836කි.[2]ඉලෙක්ට්‍රෝනය ෆර්මියෝන සහ ලෙප්ටෝන ගණ වලට වැටෙන අතර එහි ප්‍රති-අංශුව පොසිට්‍රෝනයයි. විද්‍යුත් ආරෝපණය විරුද්ධ ලකුණ (එනම් ධන) වීම හැරුණු කොට පොසිට්‍රෝනය සහ ඉලෙක්ට්‍රෝනය සර්වසම වේ.
වෙනත් පදාර්ථ මෙන්ම ඉලෙක්ට්‍රෝනය ද අංශු සහ තරංග දෙකටම අයත් වන ක්වොන්ටම් යාන්ත්‍රික ලක්ෂණ දරයි. එබැවින් ඊට වෙනත් අංශු සමඟ ගැටීමට මෙන් ම ආලෝකය මෙන් විවර්තනය වීමට ද හැකි ය.
තව දුරටත් නොබෙදිය හැකි ප්‍රමාණයක විද්‍යුත් ආරෝපණයක් (එනම්, මූලික ආරෝපණය) පිළිබඳ අදහස ක්‍රි.ව. 1838 දී බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයකු වූ රිචර්ඩ් ලේමිං විසින් ඉදිරිපත් කරන ලද්දේ පරමාණු වල රසායනික ලක්ෂණ පැහැදිලි කිරීම සඳහා ය. [3] ඉලෙක්ට්‍රෝනය යන වදන එම විද්‍යුත් ආරෝපණ වෙත දෙන ලද්දේ ක්‍රි.ව. 1894 දී අයිරිෂ් ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ජෝජ් ජොන්ස්ටන් ස්ටෝනි විසිනි. ඉලෙක්ටෝනය අංශුවක් ලෙස හඳුනා ගන්නා ලද්දේ 1897 දී බ්‍රිතාන්‍ය ජාතික පර්යේෂකයන් වූ ජේ. ජේ. තොම්සන් සහ පිරිස විසින් කරන ලද තෙල් බිංදු පරීක්ෂණය ආධාරයෙනි.[4][5]
විද්‍යුතය, චුම්භකත්වය, සහ තාප සන්නායකතාවය යන භෞතික සංසිද්ධි වලදී ඉලෙක්ට්‍රෝනය අත්‍යාවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරයි. නිරීක්ෂකයෙකුට සාපේක්ෂව චලිතයෙක යෙදෙන ඉලෙක්ට්‍රෝනයක් චුම්භක ‍ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි. එසේම එබඳු ඉලෙක්ට්‍රෝනයක් බාහිර චුම්භක ක්ෂේත්‍ර මඟින් විවර්තනයට ලක් කෙරෙනු ඇත. ඉලෙක්ට්‍රෝනයක් ත්වරණය/මන්දනය කළ විට එය ෆෝටෝන අවශෝෂණය/මුක්ත කිරීම මඟින් ශක්තිය පිට කරයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින් සෑදුනු පරමාණුක න්‍යෂ්ටිය වටා කාක්ෂික වලට පිවිසෙමින් ඉලෙක්ට්‍රෝනය පරමාණු තනයි. කෙසේ වුව ද පරමාණුවක මුලු ස්කන්ධයට ඉලෙක්ට්‍රෝනයේ දායකත්වට 006% ටත් වඩා අඩු අගයක පවතිනු ඇත. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන අතර ඇති වන කූලෝම් ආකර්ෂණ බල නිසා ඉලෙක්ට්‍රෝන පරමාණු සමඟ බන්ධනය වෙයි. ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකක් හෝ කීපයක් අතර හුවමාරුවෙන් හෝ හවුලේ බෙදා ගැනීමෙන් පරමාණු අතර රසායනික බන්ධන තැනෙයි.[6]
සමහර න්‍යායයන්ට අනුව විශ්වයෙහි පවතින බොහෝ ඉලෙක්ට්‍රෝන නිර්මාණය වූයේ මහා පිපිරුම අවස්ථාවේදී ය. එහෙත් ඉලෙක්ට්‍රෝන බීටා ක්ෂය වීම්, සහ කොස්මික් කිරණ මඟින් සිදු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් ද සෑදේ. පොසිට්‍රෝන සමඟ ගැටීමෙන් ඉලෙක්ට්‍රෝන විනාශ වී යා හැකි අතර තාරීය න්‍යෂ්ටිජනනයෙහි දී උරා ගනු ලැබීමට ද පුළුවන.

Post by sasanka 


at October 15, 2017
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Older Post Home
Subscribe to: Post Comments (Atom)

ප්‍රධාන මෙනුව විවෘත කරන්න රසායන විද්‍යාව සොයන්න සංස්කරණය මෙම පිටුව මුර කරන්න වෙන භාෂාවකින් කියවන්න ඉලෙක්ට්‍රෝනය

  • Phone පාවිච්චි කලාට මදි Display එක ගැන දන්නේ නැත්තම් දැන ගන්න.
    Phone පාවිච්චි කලාට මදි Display එක ගැන  දන්නේ නැත්තම් දැන ගන්න.
  • රසායන විද්‍යාව
    ප්‍රධාන මෙනුව විවෘත කරන්න රසායන විද්‍යාව සොයන්න සංස්කරණය මෙම පිටුව මුර කරන්න වෙන භාෂාවකින් කියවන් රසායන විද්‍ය...
  • (no title)
    ප්‍රධාන මෙනුව විවෘත කරන්න රසායන විද්‍යාව සොයන්න සංස්කරණය මෙම පිටුව මුර කරන්න වෙන භාෂාවකින් කියවන්න ඉලෙක්ට්‍රෝනය

Report Abuse

page visitor counter
who is online counter blog counter

Current local time in
Sri Lanka

Blog Archive

  • October 2017 (3)
  • Home

Search This Blog

Awesome Inc. theme. Powered by Blogger.